විෂුවල් බේසික් 8 වන කොටස - සරල Logging system එකක් හදමු.

Tuesday, March 30, 2010

මම කලින් ලිපියෙන් check box ගැන හැඳින්වීමක් කලා. මේ ලිපියෙන් විස්තර කරන්න හදන්නෙ විෂුවල් බේසික් භවිතයෙන් සරල logging system එකක් සාදා ගන්නා ආකාරය.
මෙහිදී Form1 හා Form2 ලෙස Forms 2ක් භාවිතා කල යුතු වෙනවා. මුලින්ම New Forms 2ක් Open කර ගන්න..


ඉන් පසු පහත දැක්වෙන ආකාරයට එම Forms 2හි Properties සකස් කර ගන්න.


Object
Name
Caption
Form1frm1Form1
Form2
frm2Form2

එසේ කරගත් පසු frm1 හා frm2 ලෙස ෆොර්ම්ස් 2ක් දෙකිය හැක.

ඉන් පසු frm1 මතට පහත දැක්වෙන ආකාරයට Text box 2ක් , Labels 2ක් හා Command Button 2ක් Add කර ගන්න.


ඉන් පසු ඒවායේ Properties පහත ආකාරයට සකස් කර ගන්න.



Object Name
Caption
Label1
lblun
User Name
Label2lblpw
Password
Command1
cmdokOK
Command2
cmdexit
EXIT
Object Name
Text
Text1
txtun

text2txtpw


මෙහිදී කල යුතු තව විශේෂ දෙයක් වන්නේ txtpw text box එකෙහි PasswordChar නම් property එකෙහි * ලකුණක් යෙදීමයි. එවිට ඔබ password එක Enter කරන අවස්ථාවේදී එය පෙනෙන්නේ **** ආකාරයට යි.



දැන් frm2 මතට පහත ආකාරයට Label 2ක් හා Command button 2ක් Add කර ගන්න.


ඉන් පසු ඒවායේ Properties පහත ආකාරයට සකස් කර ගන්න.


Object
Name
Caption
Label1
lblwcWelcome
Label2lblun

Command1
cmdback
BACK

Command2

cmdexit
EXIT



මීළඟට කල යුත්තේ වැඩසටහන සඳහා අවශ්‍ය කේත ඇතුලත් කර ගැනීමයි. මුලින්ම frm1 සඳහා කේත ඇතුලත් කර ගන්නා ආකාරය බලමු.

  • OK command button එක මත Double click කර පහත කේත ඇතුලත් කර ගන්න.

Private Sub cmdok_Click()
If txtpw.Text = "1234" Then
frm1.Hide
frm2.Show
Else
frm1.Show
End If

End Sub

මෙහිදී සිදුවන්නේ අප විසින් Password එක සඳහා කලින් ලබා දුන් අගය, ඇතුලත් කල අගයට සමාන දැයි පරීක්ෂා කර බැලීමයි. එම අගයන් දෙක සමාන නම් frm1 එක Hide කර frm2 එක පෙන්වන ලෙසත් අගයන් දෙක අසමාන නම් frm1 පමණක් පෙන්වන ලෙසත් විධානය ලබා දී ඇත.


  • EXIT command button එක මත Double click කර පහත කේත ඇතුලත් කර ගන්න.

Private Sub cmdexit_Click()
End
End Sub



මීළඟට frm2 සඳහා කේත ඇතුලත් කර ගන්නා ආකාරය බලමු.

  • BACK command button එක මත Double click කර පහත කේත ඇතුලත් කර ගන්න.

Private Sub cmdback_Click()
frm2.Hide
frm1.Show
frm1.txtun.Text = ""
frm1.txtpw.Text = ""

End Sub

මෙහිදී සිදුවන්නේ frm2 එක Hide කර frm1 එක display කිරීමයි. තවද නැවත frm1 වෙත යෑමේදී User name හා password සඳහා ඇතුලත් කල අගයන් මකා දැමීමට විධාන ලබා දී ඇත.

  • EXIT command button එක මත Double click කර පහත කේත ඇතුලත් කර ගන්න.

Private Sub cmdexit_Click()
End
End Sub

  • මෙහිදී තවත් විශේෂ දෙයක් සිදුකල යුතුයි. එනම් Form load event එකෙහිදී lblun සඳහා සිදුවිය යුතු වෙනස් කම් සඳහා විධාන ලබා දීමයි. මෙ සඳහා frm2 එක Double click කර පහත කේත ඇතුලත් කරන්න.

Private Sub Form_Load()
lblun.Caption = frm1.txtun.Text
End Sub

මෙහිදී සිදුවන්නේ frm1 හිදී Username එක සඳහා ඇතුලත් කරන අගය lblun එකෙහි Caption එක සඳහා සමාන කිරීමයි.


දැන් වැඩසටහන නිර්මාණය කරගෙන අවසන්ය..


Run කර බලන්න.. [F5]

විෂුවල් බේසික් 7 වන කොටස - Check Box හඳුණා ගනිමු..

Tuesday, March 23, 2010

   පසුගිය ලිපියෙන් මම If ,Then ,Else භවිතා කරන ආකාරය ඉතාම සරලව විස්තර කලා.. මේ ලිපියෙන් කියන්න හදන්නෙ Check box ගැන.


  • Check Box

     මෙය Tool Box එකෙහි දැකිය හැකි Object එකක් වන අතර මෙහි Name හා Caption ලෙස ප්‍රධාන property 2ක් දැකිය හැක. තවද මෙහි Value නමින් Property එකක් දැකිය හැකි අතර අදාල Check box එක select කර ඇති අවස්ථව Value එක 1 වන අතර එසේ නොමැති අවස්ථාව Value එක 0 වේ.

     Check box භවිතා කරන ආකාරය සරල වැඩසටහනක් මගින් අධ්‍යනය කරමු. මේ සඳහා Text box 1 ක් , cheak box 1 ක් හා Command button එකක් අවශ්‍ය වේ. පළමුව New form එකක්
ලබා ගන්න. ඉන් පසු පසු Form එක මතට Text box 1 ක් , check box 1 ක් හා Command button එකක් Add කර ගන්න.




ඉහත ආකාරයට Form එක සකස් කරගත් පසු පහත දැක්වෙන ආකාරයට Properties සකස්
කර ගන්න. 


Object   Name 
Caption     
Command1    cmdexit      
EXIT         
Text1
txtname

Check1
chkname     
Name 


ඉහත දැක්වෙන පරිදි Propeerties සකස් කරගත් පසු වැඩසටහනේ ආකෘතිය නිර්මාණය කරගැනීම අවසන් වේ. 


දැන් ඉතිරිව ඇත්තේ වැඩසටහන සඳහා අවශ්‍ය කේත ඇතුලත් කර ගැනීමයි.

ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.


  • Name check box එක Double click කර පහත කේත ඇතුලත් කර ගන්න.


Private Sub chkname_Click()
If chkname.Value = 1 Then
txtname.Text = "GIHAN"
Else
txtname.Text = ""
End If
End Sub


    මෙහිදී සිදුවන්නේද පසුගිය ලිපියෙහි සඳහන් වූ If condition එක භාවිතා කිරීමයි. chkname check box එකෙකි අගය 1 නම් txtname text box එකෙහි text property එකෙහි GIHAN ලෙස අතුලත් කරන ලෙසත්  chkname check box එකෙහි අගය 0 නම් txtname text box  එකෙහි text property එක හිස්ව තිබෙන ලෙසත් විධනය ලබාදී ඇත. එනම් check box එක select කර ඇති අවස්ථාවේ පමණක් text box එකෙහි නම
දිස්වේ.

  • EXIT Command button එක Double click කර පහත කේත ඇතුලත් කර ගන්න.


Private Sub cmdexit_Click()
End
End Sub



දැන් වැඩසටහන Run කර බලන්න.  [F5]

 8 කොටස>>


මම අධි වේගයෙන් INTERNET යන හැටි..

Friday, March 19, 2010

  මේ පින්තූරයේ තියෙන්නෙ මගෙ අන්තර්ජාල සම්බන්ධතාවයේ අධි වේගයෙන් ක්‍රියා කරන විධිය දැක්වෙන පින්තූරයක්. වේගය වැඩි කමට මට දැනුන සතුට හින්ද තමයි ඒක අනිත් අයත් එක්කත් බෙදාගන්න හිතුනෙ. මේ ගැන මට වගේම සතුටක් දැනුන  ගොඩක් අය ලිපි ලියල තියනව මම දැක්ක.  බලන්නකෝ අධි වේගයෙන් යන අපූරුව..



 දැන් ඉතින් හැමදාම ඔහොම තමයි. වැඩක් කරන්නම බෑ. mp3 එකක් වත් download කරන්න බෑ. ගත්ත දවස් වල නම් click කරන පරක්කුව විතරයි. ඒත් දැන්? කාට කියන්නද ඉතින්.... :-( 


Call ගන්නවාට අපිට මුදල් ගෙවීම.

Wednesday, March 17, 2010

   පසුගිය දවසක මම ලබපු පුංචි අත්දැකීමක් එක්කයි මට මේ ලිපිය ලියන්න හිතුනෙ. මම හිතන්නෙ මේ ලිපිය කියවන ගොඩක් දෙනෙක් දැනටමත් මෙ ගැන දන්නවත් ඇති. මෙන්න මෙහෙමයි කතාව,

   දැනට සති දෙකකට විතර කලින් මම ගියා එකට පොඩි වැඩ වගයක් කරගන්න. ගිහින් ආපහු ගෙදර එන්න බස් එකට නගින්න එනකොට යාලුවෙක් හිටිය බස් එකේ. මාව දැක්කම මිනිහත් බස් එකෙන් බැහැල ආව මම හිටපු තැනට. ඇවිත් කිව්වෙ මාර කතාවක්. 

  "මචං අහවල් තැන අහවල් SIM 4ක් ම රුපියල් 50ට දෙනව රුපියල් 900ක Reload එකකුත් එක්ක. මොකද කියන්නෙ ගමුද?" කියල ඇහුව.. 
   මටත් පුදුමයි ඇයි ඉතින් රුපියල් 50කට රුපියල් 900ක Call ගන්න දෙන්නෙ කොහෙද කියල. බස් එක පිටත් වෙන්නත් තව වෙලා තිබුන හින්ද මමත් "ගිහින් බලමුකො.." කියල ගියා බලන්න. ගිහින් බලනකොට වැඩේ ඇත්ත තමයි. කොහොම හරි SIM 4කුත් ගත්ත. ඒත් තාම හරියට වැඩක් ගත්තෙ නෑ.

    දැනට අවුරුදු පහකට හයකට කට විතර කලින් අපි ජංගම දුරකතනයකින් ඇමතුමක් ගත්තෙ රුපියල් දහයක් පහළවක් විතර වියදම් කරල. ඒත් දැන්? අලුතින් දුරකතන සේවා සපයන ආයතනයක් ලංකාවෙ තමන්ගෙ සේවාව ආරම්භ කරනව නම් එම ආයතන වලට තමන්ගෙ ගාස්තු ඉදිරිපත් කරන්න වෙන්නෙ ශත ගණන් වලින්. ඒ තරමටම තරඟය වැඩි වෙලා. පාරිභෝගිකයන්ට නම් මෙය ඉතාම වාසි දායක තත්වයක්..

 නමුත් ගැටලුව වන්නේ හැම ආයතනයක්ම පාරිභෝගිකයාට උසස් සේවාවක් ලබාදිම පසෙක තබා ප්‍රසිද්ධියත් පාරිභෝගිකයන් ගණන වැඩි කර ගැනීමේ අරමුණත් පසුපස පමණක් හඹා යාමයි. හොඳ ගානක Reload එකක්ද දමා  SIM එකත් නොමිලේ ලබාදී Call ගන්න යැයි කීවත් හදිස්සියකට Call එකක් ගැනීමට වත් SMS එකක් යැවීමට වත් නොහැකි නම් එම SIM එකෙන් පාරිභෝගිකයාට ඇති ඵලය කුමක්ද??

විෂුවල් බේසික් 6 වන කොටස - If , Then , Else භාවිතය.

Tuesday, March 16, 2010

 විෂුවල් බේසික් මගින් වැඩසටහන් නිර්මාණයේදී If Condition එක භාවිතා කරන ආකාරය මේ ලිපියෙන් විස්තර කෙරේ.
  • If Then Else.
වැඩසටහන් නිර්මාණයේදී යම් කිසි Condition එකක් පරීක්ෂා කර එහි සත්‍ය හා අසත්‍ය භාවය අනුව යම් කාර්යයක් සිදුකර ගැනීම සඳහා මෙය භාවිතා කරයි.

උදාහරණයක් ලෙස පහත දැක්වෙන ආකාරයේ වැඩසටහනක් නිර්මාණය කරගන්නා ආකාරය බලමු.

මෙහිදී Subject1 , Subject2 , Total , Average , Grade ලෙස දත්ත ඇතුලත් කර ගැනීමට හා ලබාගැනීමට හැකි ආකාරයේ වැඩසටහනක් නිර්මාණය කර ගනිමු.මෙහි Average එක දැක්වීමේදී ලකුණු වල සාමාන්‍යය 50 ට වැඩි නම් Pass ලෙසද 50 ට අඩු නම් Fail ලෙසද ලබාගන්නා ආකාරයට ද ඇතුලත් කල හැකිය.

පළමුව New  Form එකක් ලබාගෙන එයට Label 5ක් , Command Button 5ක් හා Text box 5ක් Add කරගෙන පහත දැක්වෙන ආකාරයට සකසා ගන්න.


ඉහත ආකාරයට Form එක සකසා ගත් පසු Object වල Properties සකස් කර ගැනීම සිදුකර ගත යුතුය.


  • මුලින්ම Label වල පහත ආකාරයට Properties සකස් කර ගන්න.


Object          Name         Caption      
Label1lblsub1Subject1
Label2lblsub2Subject2
Label3
lbltot
Total
Label4lblavgAverage
Label5lblgrdGrade


  • ඉන්පසු Text box වල පහත ආකාරයට Properties සකස් කර ගන්න.



Object          Name         Text      
Text1txtsub1
Text2txtsub2
Text3
txttot

Text4txtavg
Text5txtgrd

හිස්ව ඇති කොටු සඳහා Text එක හිස්ව තබන්න.


  • Commanad button වල පහත ආකාරයට Properties සකස් කර ගන්න.



Object          Name         Caption      
Command1cmdavgAverage
Command2cmdtotTotal
Command3
cmdgrd
Grade
Command4cmdclrClear All
Command5cmdexitExit

ඉහත ආකාරයට properties සකස් කරගත් පසු Form එක පහත ආකාරයට දිස්වේ.



ඉන් පසු ඉතිරිව ඇත්තේ වැඩසටහන සඳහා අවශ්‍ය කේතයන් ඇතුලත් කර ගැනීමයි.
මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

  • Total command button එක Double click කර පහත කේත ඇතුලත් කරන්න.

Private Sub cmdtot_Click()
txttot.Text = Val(txtsub1.Text) + Val(txtsub2.Text)
End Sub

මෙහිදී Val(txtsub1.Text) හා Val(txtsub2.Text) යන්නෙන් අදහස් වන්නේ අදාල Text box එකට ඇතුලත් කරන දත්තයෙහි සංඛ්‍යාත්මක වටිනාකම පමණක් සලකන බවයි.

" + " ලකුණ මගින් එම අගයන් දෙකෙහි එකතුව ලබාගෙන ඇත. 

එකතුව සඳහා ලැබෙන අගය "txttot" Text box එකෙහි Text එකට සමාන කර ඇති නිසා වැඩසටහන Run වෙන අවස්ථාවේ දී "txttot" Text box තුල එකතුව දැක්වෙයි.


  • Average command button එක Double click කර පහත කේත ඇතුලත් කරන්න.

Private Sub cmdavg_Click()
txtavg.Text = Val(txttot.Text) / 2
End Sub

මෙහිදී සිදුවන්නේ එකතුව සඳහා ලැබෙන අගය නැවතත් සාමාන්‍යය ලබාගැනීම සඳහා විෂයන් ගණනින් බෙදීමයි. එය "txtavg" Text box එකෙහි Text එකට සමාන කර ඇත.

  • Grade command button එක Double click කර පහත කේත ඇතුලත් කරන්න.

Private Sub cmdgrd_Click()
If txtavg >= 50 Then
txtgrd.Text = " Pass "
Else
txtgrd.Text = "Fail"
End If
End Sub

මෙහිදී යම් තීරණය කරන ලද අගයකට සාපේක්ෂව Pass හෝ Fail යන වග තීරණය කරන නිසා තර්කානුකූලව පිලිතුර ලබා ගැනීමට If condition එක භාවිතා කර ඇත.

"txtavg" Text box එකෙහි සඳහන් අගය 50ට වඩා විශාල හෝ සමාන නම් "txtgrd" Text box එකෙහි  "Pass" ලෙසත් එසේ නොමැති නම් "txtgrd" Text box එකෙහි "Fail" ලෙසත් සඳහන් කරන ලෙස විධානය ලබාදී තිබේ.

  • Clear All command button එක Double click කර පහත කේත ඇතුලත් කරන්න.

Private Sub cmdclr_Click()
txtsub1.Text = ""
txtsub2.Text = ""
txttot.Text = ""
txtavg.Text = ""
txtgrd.Text = ""
End Sub


මෙහිදී සිදුවන්නේ සියලුම Text box වල සටහන් වූ අගයන් මකා දැමීමයි. එනම් සියලුම Text box වල Text යන Property එක හිස් කිරීමයි.

  • Exit command button එක Double click කර පහත කේත ඇතුලත් කරන්න.

Private Sub cmdexit_Click()
End
End Sub


දැන් වැඩසටහන සකස් කර අවසානය.

Run කර බලන්න. [F5]

7 කොටස >>

<< කලින් ලිපියට


විෂුවල් බේසික් 5 වන කොටස - Text Box හඳුණා ගනිමු.

Saturday, March 13, 2010

මා මේ විෂය පිළිබඳව සියලුම දේවල් දන්නා අයෙකු නොවන මුත් මා දන්නා සුලු ප්‍රමාණය හෝ නොදන්නා කෙනෙකු වෙනුවෙන් ඉදිරිපත් කිරීම මෙම ලිපි පෙළෙහි අරමුණයි..
 පසුගිය ලිපි වලින් මයික්‍රොසොෆ්ට් විෂුවල් බේසික් වලදී Command Button හා Label භාවිතයෙන් වැඩ කරගන්නෙ කොහොමද කියල විස්තර කලා ඔබට මතක ඇති. Tool Box එකේ තියන Text box කියන Tool එක භාවිතා කරන්නෙ කොහොමද කියල මේ ලිපියෙන් බලමු..

  • Text Box
       මෙය Tool Box එකෙහි දැකිය හැකි Object එකක් වන අතර මෙම Object එක භවිතා කර Form එකක් Run වෙන අවස්ථාවේ දී දත්ත ඇතුලත් කිරීම හා අවශ්‍ය නම් දත්ත ලබා ගැනීමට භවිතා කල හැක.

මෙහි ප්‍රධාන වශයෙන් properties 2ක් දැකිය හැකි වේ.

  1. Name
  2. Text
      Label එකකට සාපේක්ෂව මෙහි ඇති විශේෂත්වය වන්නේ දත්ත ඇතුලත් කිරීම හා දත්ත ලබා ගැනීම යන ක්‍රියාවලි දෙක සඳහාම භාවිතා කල හැකි වීමයි.

 උදාහරණයක් ලෙස Text Box යොදා ගනිමින් ඉතාම සරළ වැඩසටහනක් නිර්මාණය කර බලමු.

    මේ සඳහා Label 2ක්, Command button 2ක් හා text box 1ක් අවශ්‍ය වේ. මෙහිදී සිදුවිය යුත්තේ අප විසින් Text box එකට ඇතුලත් කරනු ලබන දත්තයක් command button එකක් මත click කිරීම මගින් Label එකක් මත දිස්වීමට සැලැස්වීමයි.

 මෙහිදී සිදුවන්නේ Text box එකට ඇතුල් කරන දත්තය, එනම් Text box එකෙහි Text යන property එක Label එකෙහි ඇති caption නම් poperty එකට සමාන කිරීමයි. මේ ක්‍රියාව සිදුකර ගැනීමට අවශ්‍ය විධානය ලබා දීම සඳහා Command button එක භාවිතා කරයි.

මෙය සිදුකර ගන්නා ආකාරය පියවර වශයෙන් බලමු.

මුලින්ම File > New Project > Satandard EXE මගින් Form එකක් ලබාගන්න. ඉන් පසු ඒ මතට Label 2ක්, Command button 2ක් හා Text box 1ක් Add කර පහත දැක්වෙන ආකාරයට සකසා ගන්න.



ඉන් පසු පහත දැක්වෙන ආකාරයට Properties සකස් කර ගන්න.

Label1
Name       =  lblenter
Caption    =  Enter Text:
Label2
Name       =  lblshow
Caption    =  " "
Command1
Name       =  cmdok
Caption    =  OK
Command2
Name       =  cmdexit
Caption    =  EXIT
Text1
Name       =  txtenter
Text         =  " "
එවිට ඔබ සාදාගත් Form එක පහත ආකාරයට දිස්වේවි.


ඉන් පසුව වැඩසටහන සඳහා Code එක ඇතුලත් කර ගැනීම පහත ආකාරයට සිදුකරන්න.
  • cmdok command button එක Double click කර පහත දැක්වෙන code එක ඇතුලත් කරන්න.
Private Sub cmdok_Click()
lblshow.Caption = txtenter.Text
End Sub

  • cmdexit command button එක Double click කර පහත දැක්වෙන code එක ඇතුලත් කරන්න.
Private Sub cmdexit_Click()
End
End Sub




ඉහත ආකාරයට වැඩසටහන නිමා කරගත් පසු Run කර බලන්න. [F5]
Text box එකට ඔබ ඇතුලත් කරන දත්ත Label එක තුලින් දිස්වේවි.
 

6 වන කොටස >>

විෂුවල් බේසික් 4 වන කොටස - Command Button හා Label භාවිතය..

Thursday, March 11, 2010

මා මේ විෂය පිළිබඳව සියලුම දේවල් දන්නා අයෙකු නොවන මුත් මා දන්නා සුලු ප්‍රමාණය හෝ නොදන්නා කෙනෙකු වෙනුවෙන් ඉදිරිපත් කිරීම මෙම ලිපි පෙළෙහි අරමුණයි..

   මයික්‍රොසොෆ්ට් විෂුවල් බේසික් වල ඇති Command Button හා Label භාවිතා කරන හැටි මම කලින් ලිපියෙන් ඉදිරිපත් කලා. මේ ලිපියෙන් ඒ ගැන තව දුරටත් විස්තර කරන්න තමයි හදන්නෙ. ඒත් මෙතනදී පාවිච්චි වෙන්නෙත් කලින් ලිපියෙන් කතා කරපු දේවල්ම තමා..

  මේ සඳහා මුලින්ම File > New Project මගින් Form එකක් සකස් කරගෙන ඉන් පසු Label 4ක් හා Command Button 5ක් Form එක මතට Add කරගත යුතු වේ.


ඉන් පසු පහත දැක්වෙන ආකාරයට Label වල properties සකස් කර ගන්න..
Label1
Name        =  lblindex
Caption     =  " "      (empty)
Label2
Name        =  lblname
Caption     =  " "      (empty)
Label3
Name        =  lblage
Caption     =  " "      (empty)
Label4
Name        =  lbltel
Caption     =  " "     (empty)
ඉන් පසු පහත දැක්වෙන ආකාරයට Command Button වල properties සකස් කර ගන්න..
command1

Name        =  cmdindex
Caption     =  Index No:
command2
Name        =  cmdname
Caption     =  Name
command3
Name        =  cmdage
Caption     =  Age
command4
Name        =  cmdtel
Caption     =  Telephone
command5
Name        =  cmdexit
Caption     =  EXIT
මෙහිදී සමාන්‍යයෙන් command button නම් කිරීමේදී cmd ලෙසත් Label නම් කිරීමේදී lbl ලෙසත් යොදනු ලබන්නේ අදාල Object එක command button එකක් හෝ label එකක් බව පහසුවෙන් හඳුණා ගැනීම සඳහාය. ඒ සඳහා ඔබට අවශ්‍ය නම් කැමති නමක් ලබාදිය හැක.

ඉහත ආකාරයට සකස් කරගත් පසු Form එක පහත අයුරින් දැකිය හැක.



දැන් ඉතිරිව තිබෙන්නෙ වැඩසටහන සඳහා අවශ්‍ය Code එක සකසා ගන්න එක. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
  • cmdindex command button එක Double click කර පහත code එක ඇතුලත් කරගන්න.
Private Sub cmdindex_Click()
lblindex.Caption = "5555"
End Sub

  • cmdname command button එක Double click කර පහත code එක ඇතුලත් කරගන්න.
Private Sub cmdname_Click()
lblname.cation = "GIHAN"
End Sub

  • cmdage command button එක Double click කර පහත code එක ඇතුලත් කරගන්න.
Private Sub cmdage_Click()
lblage.Caption = "999"
End Sub

  • cmdtel command button එක Double click කර පහත code එක ඇතුලත් කරගන්න.
Private Sub cmdtel_Click()
lbltel.Caption = "0123456"
End Sub
රතු පැහැයෙන් දක්වා ඇති දත්ත සඳහා ඔබට කැමති අගයන් ඇතුලත් කරගත හැකිය.

ඉහත ආකාරයට වැඩසටහන නිමා කරගත් පසු එය Run කර බලන්න. එක් එක් ලේබලය සඳහා අදාල command button එක click කල විට ඔබ ලබාදුන් තොරතුරු ලේබල් එක මත දිස්වේවි..
මේ පිළිබඳ ඔබේ අදහස් Comment එකට Add කරන්න..  :-)
5 වන කොටස >>



විෂුවල් බේසික් 3 වන කොටස - Command Button හා Label හඳුණා ගනිමු.

Wednesday, March 10, 2010

මා මේ විෂය පිළිබඳව සියලුම දේවල් දන්නා අයෙකු නොවන මුත් මා දන්නා සුලු ප්‍රමාණය හෝ නොදන්නා කෙනෙකු වෙනුවෙන් ඉදිරිපත් කිරීම මෙම ලිපි පෙළෙහි අරමුණයි..
     මයික්‍රොසොෆ්ට් විෂුවල් බේසික් ගැන හැඳින්වීමක් මම කලින් ලිපි වලින් ඉදිරිපත් කලා.. විෂුවල් බේසික් වල තියන Command Button හා Label කියන්නෙ මොනවද කියල තමයි මේ ලිපියෙන් කියන්න යන්නෙ..
  • Label එකක් යනු කුමක්ද?
       මෙය Tool Box එකෙහි දැකිය හැකි Object එකක් වන අතර මෙහි සිට Object එකක් හඳුන්වාදීම සිදුකරගත හැක. මෙහි ප්‍රධාන properties 2 ක් දැකිය හැක.
  1. Name
  2. Caption
  • Command Button යනු කුමක්ද?
      මෙය Tool Box එකෙහි දැකිය හැකි Object එකක් වන අතර Form Window එකෙහි ඇති වෙනත් Objects වලට විධාන ලබා දීම සඳහා මෙම Object එක භාවිතා කරනු ලබයි. මෙහිදී ද ප්‍රධාන Properties 2ක් දැකිය හැක.
  1. Name
  2. Caption
   


  • Properties Window
    Work Area එකට Add කරගනු ලබන Object වල අපට අවශ්‍ය ආකරයට Properties සකස් කර ගැනීම සඳහා Properties Window එක භාවිතා කරනු ලබයි. මෙහිදී අපට අවශ්‍ය Object එක තෝරා එය මත Click  කර Select කර ගැනීම මගින් Properties Window එක භාවිතා කර අවශ්‍ය පරිදි Properties වෙනස් කරගත හැක.


  •  Command Button හා Label පමණක් භාවිතා කර සරළ වැඩසටහනක් නිර්මාණය කර ගන්නා ආකාරය අපි බලමු.. 
    මේ සඳහා Command Buttons 2ක් හා Label 1ක් අපි Work Area එකට Add කරගත යුතුයි. ඉන් පසු Add කරගත් Object වල Properties පහත දැක්වෙන පරිදි සකස් කර ගන්න.

Label    -->   Name     =  LBLName

                       Caption  =  ""        (empty)



Commad Button 1 -->   Name     =  CMDName

                                         Caption   =   Name



Commad Button 2 -->  Name     =  CMDExit

                                         Caption   =   EXIT
ඉහත ආකරයට Properties සකස් කරගත් පසු Form එක පහත ආකාරයට දිස්වේ.



ඉන් පසු වැඩසටහන සඳහා අවශ්‍ය Code එක ලිවිය යුතු වේ. ඒ සඳහා Code window එක භාවිතා කරනු ලබයි. අදාල Object එක මත Double Click කල විට Code Window එක ලැබේ. 

පළමුව EXIT Button එක මත Doube Click කර පහත පරිදි Code එක ලියා ගන්න.

Private Sub CMDExit_Click()
End
End Sub

ඉන් පසු Name Button එක මත Double Click කර පහත Code එක ඇතුලත් කර ගන්න.

Private Sub CMDName_Click()
LBLName.Caption = "GIHAN"
End Sub




ඉහත පියවරෙන් පසු Program එක Run කර බලන්න. එවිට Name Button එක Click කල විට Label එක මත ඔබ ලබා දුන් නම දිස්වන ආකරය දැකගත හැක.
4 වෙනි කොටසට..>>
   

විෂුවල් බේසික් 2 වන කොටස - මයික්‍රොසොෆ්ට් විෂුවල් බේසික් 6.0 හඳුනා ගනිමු තව දුරටත්..

Monday, March 8, 2010

මා මේ විෂය පිළිබඳව සියලුම දේවල් දන්නා අයෙකු නොවන මුත් මා දන්නා සුලු ප්‍රමාණය හෝ නොදන්නා කෙනෙකු වෙනුවෙන් ඉදිරිපත් කිරීම මෙම ලිපි පෙළෙහි අරමුණයි..
මයික්‍රොසොෆ්ට් විෂුවල් බේසික් 6.0 ගැන මුලික හැඳින්වීමක් මම පසුගිය ලිපියෙන් සඳහන් කලා. කියෙව්වෙ නැති කෙනෙක් ඉන්නව නම් මෙතනින් කියවන්න..
මේ ගැන තව දුරටත් විස්තර කිරීම තමයි මෙම ලිපියෙන් කෙරෙන්නෙ..
  • Project එකක් යනු කුමක්ද?
Forms කීපයක එකතුවක් Project එකක් ලෙස හැඳින්විය හැක.
  • Project එකක් සඳහා නව Form එකක් එකතු කර ගැනීම.
Project menu > Add Form > (Select) Form > Open
  • Project Explorer
Project එකක් තුලදී Forms එකකට වැඩි ගණනක් ඇති විට එම Forms තුලට පහසුවෙන් ගමන් කිරීම සඳහා Project explorer භවිතා කරයි. [Ctrl+R]


  • Form Layout Window
අදාල Form එක Run වෙන අවස්ථාවේදී එය තිරයෙහි කුමන ස්ථනයක තිබිය යුතුද යන්න තෝරා දීම මෙහිදී සිදුකරගත හැක.
View > Form Layout window
  • project එකක් තුලදී Forms කිපයක් ඇති අවස්ථාවකදී තෝරා ගත් Form එකක් Run කර ගැනීම.
Project >Project properties > Start up Object > Run කළයුතු Form එක තෝරා >Ok කරන්න.
  • Form එකක් Run කර ගැනීම.
Run menu > Start [F5]
  • New Project එකක්  එකතු  කර  ගැනීම.
File > New Project
එවිට දැනට වැඩ කරමින් සිටින Project එක Save කර ගැනීමට අවශ්‍යයද යන්න විමසන අතර අවශ්‍ය නම් Yes  යන්න ලබාදී Save කිරීමට අවශ්‍ය ස්ථානය ලබා දෙන්න. Project එකෙහි Forms ඇති පළමුව එකිනෙක Save කර අවසානයෙහි Project file එක Save කර ගන්න.
      ඉහත ආකාරයට Project එක Save කර ගැනීමෙන් අනතුරුව ලැබෙන New project dialog box එකෙන් Standard EXE යන්න තෝරා OK කරන්න.
  • Code window යනු කුමක්ද?
Form Area එකට අතුලත් කර ගන්නා object වල ක්‍රියාකාරීත්වය සකස් කර ගැනීම සඳහා Code Window එක භවිතා කරනු ලබයි.

විධානය ලබාදීමට අවශ්‍ය Object එක මත Double click කරන්න. එවිට Code window එක දැකිය හැක.


  • Tool Box
Form Area එකට Objects එකතු කර ගැනීම සඳහා Tool Box එක භවිතා කරයි.




තුන් වෙනි කොටසට..>>

විෂුවල් බේසික් 1 වන කොටස - මයික්‍රොසොෆ්ට් විෂුවල් බේසික් 6.0 හඳුනා ගනිමු..

Sunday, March 7, 2010

මා මේ විෂය පිළිබඳව සියලුම දේවල් දන්නා අයෙකු නොවන මුත් මා දන්නා සුලු ප්‍රමාණය හෝ නොදන්නා කෙනෙකු වෙනුවෙන් ඉදිරිපත් කිරීම මෙම ලිපි පෙළෙහි අරමුණයි.. 
මයික්‍රොසොෆ්ට් විෂුවල් බේසික්  යනු Object, Oriented programing language එකකි. තවද මෙය Events programing  language එකක් ලෙසද හැඳින්විය හැක.මෙය High level language එකක් වන අතර පරිඝනක වැඩසටහන් නිර්මාණය කර ගැනීම ඉතා පහසුවෙන් මෙම language එක භාවිතා කර සිදු කරගත හැක..


  • Object oriented programing language යනු කුමක්ද?
 Object එකක් මුල් කරගෙන යම් වැඩසටහනක් නිර්මාණය කරන්නේ නම් එය  Object oriented programing language එකක් ලෙස හඳින්විය හැක.
  • Event programing language යනු කුමක්ද?
වැඩසටහන් නිර්මාණය කිරීමේදී එම වැඩසටහන තුල ඇති object වලට විදාන ලබාදීම සඳහා යම් event එකක් තෝරාගෙන ඇත්නම් ඒවා Event programing language එකක් වේ.
  • Microsoft Visual Basic Load කර ගැනීම.
1 ක්‍රමය
Start > All Programs > Microsoft Visual Studio 6.0 > Microsoft Visual Basic 6.0
2 ක්‍රමය
Start > Search > All Files and Folders > [ type: VB6.exe] > search > Select the file > Right  Click > Open
ඉහත ආකාරයට Visual Basic Load කර ගැනීමෙන් පසු  New Project නමින් dialog box එකක් දිස් වේ. එහි Standard EXE යන්න තෝරා open කරන්න. එවිට විෂුවල් බේසික්  window එක දැකිය හැක.
  • Form window යනු කුමක්ද?
 අපගේ වැඩසටහන නිර්මාණය කරගන්නා ස්ථානය මෙලෙස හැඳින්විය හැක.



දෙවෙනි කොටසට..>>
හැමෝගෙම බ්ලොග් අඩවි කියවනකොට මටත් හිතුන බ්ලොග් එකක් පටන් ගත්ත නම් හොඳයි කියල. ඔන්න එහෙනම් මමත් පටන් ගත්ත. නිදහසක් ලැබෙන හැම වෙලාවකම මගෙ බ්ලොග් එකට අළුත් දෙයක් එකතු කරන්න තමයි මගෙ බලා පොරොත්තුව..
                 ඉතින් බ්ලොග් ලියන, කියවන අනිත් යාලුවො හැම කෙනෙක්ම මට උදව් කරයි කියල මම හිතනව...