විෂුවල් බේසික් 9 වන කොටස - Input Box හඳුනා ගනිමු.

Tuesday, April 6, 2010

විෂුවල් බේසික් භාවිතයෙන් සරල Logging system එකක් සාදා ගන්නා ආකාරය මම කලින් ලිපියෙන් ඉදිරිපත් කලා. මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ Input Box ගැන..

  • Input Box
 Input Box භාවිතා කර Form එකෙහි තෝරාගත් Objects සඳහා දත්ත යොමුකර ගැනීම සිදුකර ගත හැකිය.


input Box භාවිතා කර පහත ආකාරයේ වැඩසටහනක් නිර්මාණය කර බලමු..

ඉහත Form එකෙහි Click button එක click කල විට Input Box එකක් ලැබෙන අතර එහි යම් දත්තයක් ඇතුලත් කර Ok කල විට එය අදාල text box එකට යොමුවනු ඇත.

මෙවැනි වැඩසටහනක් නිර්මාණය කරන ආකාරය පියවර වශයෙන් බලමු.

පළමුව New form එකක් Add කරගෙන එයට පහත දැක්වෙන ආකාරයට Text box 1ක් හා Command button 2ක් Add කර ගන්න.




ඉන්පසු පහත වගුවේ දැක්වෙන ආකාරයට ඒවායේ Properties සකස් කර ගන්න.


objectNameCaption
Command1cmdclickClick
Command2   cmdexitEXIT
ObjectNameText
Text1txtshowහිස්ව තබන්න.






ඉහත ආකාරයට Form එක සකස් කරගත් පසු වැඩසටහන සඳහා අවශ්‍ය කේත ඇතුලත් කරගන්නා ආකාර‍ය බලමු.

  • Click Button එක Double click කර පහත කේත ඇතුලත් කර ගන්න.
Private Sub cmdclick_Click()
txtshow.Text = InputBox("Enter Your Text:")
End Sub

  • EXIT Button එක Double click කර පහත කේත ඇතුලත් කර ගන්න.

Private Sub cmdexit_Click()
End
End Sub




දැන් වැඩසටහන නිර්මාණය කරගෙන අවසන්ය..


Run කර බලන්න.. [F5]