විෂුවල් බේසික් 3 වන කොටස - Command Button හා Label හඳුණා ගනිමු.

Wednesday, March 10, 2010

මා මේ විෂය පිළිබඳව සියලුම දේවල් දන්නා අයෙකු නොවන මුත් මා දන්නා සුලු ප්‍රමාණය හෝ නොදන්නා කෙනෙකු වෙනුවෙන් ඉදිරිපත් කිරීම මෙම ලිපි පෙළෙහි අරමුණයි..
     මයික්‍රොසොෆ්ට් විෂුවල් බේසික් ගැන හැඳින්වීමක් මම කලින් ලිපි වලින් ඉදිරිපත් කලා.. විෂුවල් බේසික් වල තියන Command Button හා Label කියන්නෙ මොනවද කියල තමයි මේ ලිපියෙන් කියන්න යන්නෙ..
  • Label එකක් යනු කුමක්ද?
       මෙය Tool Box එකෙහි දැකිය හැකි Object එකක් වන අතර මෙහි සිට Object එකක් හඳුන්වාදීම සිදුකරගත හැක. මෙහි ප්‍රධාන properties 2 ක් දැකිය හැක.
  1. Name
  2. Caption
  • Command Button යනු කුමක්ද?
      මෙය Tool Box එකෙහි දැකිය හැකි Object එකක් වන අතර Form Window එකෙහි ඇති වෙනත් Objects වලට විධාන ලබා දීම සඳහා මෙම Object එක භාවිතා කරනු ලබයි. මෙහිදී ද ප්‍රධාන Properties 2ක් දැකිය හැක.
  1. Name
  2. Caption
   


  • Properties Window
    Work Area එකට Add කරගනු ලබන Object වල අපට අවශ්‍ය ආකරයට Properties සකස් කර ගැනීම සඳහා Properties Window එක භාවිතා කරනු ලබයි. මෙහිදී අපට අවශ්‍ය Object එක තෝරා එය මත Click  කර Select කර ගැනීම මගින් Properties Window එක භාවිතා කර අවශ්‍ය පරිදි Properties වෙනස් කරගත හැක.


  •  Command Button හා Label පමණක් භාවිතා කර සරළ වැඩසටහනක් නිර්මාණය කර ගන්නා ආකාරය අපි බලමු.. 
    මේ සඳහා Command Buttons 2ක් හා Label 1ක් අපි Work Area එකට Add කරගත යුතුයි. ඉන් පසු Add කරගත් Object වල Properties පහත දැක්වෙන පරිදි සකස් කර ගන්න.

Label    -->   Name     =  LBLName

                       Caption  =  ""        (empty)



Commad Button 1 -->   Name     =  CMDName

                                         Caption   =   Name



Commad Button 2 -->  Name     =  CMDExit

                                         Caption   =   EXIT
ඉහත ආකරයට Properties සකස් කරගත් පසු Form එක පහත ආකාරයට දිස්වේ.



ඉන් පසු වැඩසටහන සඳහා අවශ්‍ය Code එක ලිවිය යුතු වේ. ඒ සඳහා Code window එක භාවිතා කරනු ලබයි. අදාල Object එක මත Double Click කල විට Code Window එක ලැබේ. 

පළමුව EXIT Button එක මත Doube Click කර පහත පරිදි Code එක ලියා ගන්න.

Private Sub CMDExit_Click()
End
End Sub

ඉන් පසු Name Button එක මත Double Click කර පහත Code එක ඇතුලත් කර ගන්න.

Private Sub CMDName_Click()
LBLName.Caption = "GIHAN"
End Sub




ඉහත පියවරෙන් පසු Program එක Run කර බලන්න. එවිට Name Button එක Click කල විට Label එක මත ඔබ ලබා දුන් නම දිස්වන ආකරය දැකගත හැක.
4 වෙනි කොටසට..>>
   

6 comments:

ත‍රිඳු said...

තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. විෂුවල් බේසික් දැන් කව්රුත් පාවිච්චි කරන්නෙ නෑ නේද ? ඒ නිසා මේකෙන් වැඩක් වෙයිද ? නරකද ඩොට් නෙට් ගැන කිව්වොත් ?

සුදර්ශන said...

ඒක ඇත්ත.

kotuwegedara.com said...

Visual Basic 06 තාම භාවිත නොවෙනවායැයි පැවසීම මම නොපිළිගනිමි. වින්ඩෝස් 7 වලද අපහසුවකින් තොරව එය ක්‍රියාත්මක වේ. අදටද ලංකාවේ ගොඩක් ස්ථාන වල පරිගණක වැඩසටහන් සකසා තිබෙන්නේත් සකසනුයේත් Visual Basic භාවිතයෙන්ය. වැදගත් වනුයේ භාෂාවේ වෙළුම නොවේ. ඉන් කුමක් කළ නොහැකිද යන්න හා සරල බවයි. ඔබ ලියන්න. මගේ සුභ පැතුම්.
Visual Basic 06 ඉගෙන ගන්නා අය පහසුවෙන් vb.net වෙත පිවිසෙනු ඇත.

මෙම වෙබ් පිටුවට පිවිස සැකසූ වැඩසටහන් කේතද ලබාගන්න.
http://kotuwegedara.com/page/Downloads.aspx

ගිහාන් said...

ඔබ කිව්ව දේ ඇත්ත.. විෂුවල් බේසික් වලට වඩා දියුණු මෘදුකාංග නිර්මාණය කරගන්න පුලුවන් වැඩසටහන් අද තියනව තමයි.. ඒත් අලුතෙන් programing ඉගෙන ගන්න කෙනෙක්ට විෂුවල් බේසික් පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන්.. මගේ මේ උත්සාහය එවැනි අය වෙනුවෙන්.. කොහොම උනත් ඔයාලගෙ අදහස් වලට ගොඩක් ස්තූතියි.. @ ත‍රිඳු , සුදර්ශන

ගිහාන් said...

ඔයාගෙ කතාවට මම එකඟයි.. ඉගෙන ගන්න දෙයක් අහක යන්නෙ නැහැනෙ.. ඔයාගෙ .NET පන්තියටත් මම එනවා.. :-) මගේ සුභ පැතුම්!!! අදහස් වලට ගොඩක් ස්තූතියි.. @ ප්‍රදීප් කාවින්ද ‍කොටුවේගෙදර

Unknown said...

Godak wedagath una oyata godak ස්තුති

Post a Comment

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!!