මෙහිදී Form1 හා Form2 ලෙස Forms 2ක් භාවිතා කල යුතු වෙනවා. මුලින්ම New Forms 2ක් Open කර ගන්න..
ඉන් පසු පහත දැක්වෙන ආකාරයට එම Forms 2හි Properties සකස් කර ගන්න.
Object | Name | Caption |
Form1 | frm1 | Form1 |
Form2 | frm2 | Form2 |
එසේ කරගත් පසු frm1 හා frm2 ලෙස ෆොර්ම්ස් 2ක් දෙකිය හැක.
ඉන් පසු frm1 මතට පහත දැක්වෙන ආකාරයට Text box 2ක් , Labels 2ක් හා Command Button 2ක් Add කර ගන්න.
ඉන් පසු ඒවායේ Properties පහත ආකාරයට සකස් කර ගන්න.
Object | Name | Caption |
Label1 | lblun | User Name |
Label2 | lblpw | Password |
Command1 | cmdok | OK |
Command2 | cmdexit | EXIT |
Object | Name | Text |
Text1 | txtun | |
text2 | txtpw |
මෙහිදී කල යුතු තව විශේෂ දෙයක් වන්නේ txtpw text box එකෙහි PasswordChar නම් property එකෙහි * ලකුණක් යෙදීමයි. එවිට ඔබ password එක Enter කරන අවස්ථාවේදී එය පෙනෙන්නේ **** ආකාරයට යි.
දැන් frm2 මතට පහත ආකාරයට Label 2ක් හා Command button 2ක් Add කර ගන්න.
ඉන් පසු ඒවායේ Properties පහත ආකාරයට සකස් කර ගන්න.
Object | Name | Caption |
Label1 | lblwc | Welcome |
Label2 | lblun | |
Command1 | cmdback | BACK |
Command2 | cmdexit | EXIT |
මීළඟට කල යුත්තේ වැඩසටහන සඳහා අවශ්‍ය කේත ඇතුලත් කර ගැනීමයි. මුලින්ම frm1 සඳහා කේත ඇතුලත් කර ගන්නා ආකාරය බලමු.
- OK command button එක මත Double click කර පහත කේත ඇතුලත් කර ගන්න.
Private Sub cmdok_Click()
If txtpw.Text = "1234" Then
frm1.Hide
frm2.Show
Else
frm1.Show
End If
End Sub
මෙහිදී සිදුවන්නේ අප විසින් Password එක සඳහා කලින් ලබා දුන් අගය, ඇතුලත් කල අගයට සමාන දැයි පරීක්ෂා කර බැලීමයි. එම අගයන් දෙක සමාන නම් frm1 එක Hide කර frm2 එක පෙන්වන ලෙසත් අගයන් දෙක අසමාන නම් frm1 පමණක් පෙන්වන ලෙසත් විධානය ලබා දී ඇත.
- EXIT command button එක මත Double click කර පහත කේත ඇතුලත් කර ගන්න.
Private Sub cmdexit_Click()
End
End Sub
මීළඟට frm2 සඳහා කේත ඇතුලත් කර ගන්නා ආකාරය බලමු.
- BACK command button එක මත Double click කර පහත කේත ඇතුලත් කර ගන්න.
Private Sub cmdback_Click()
frm2.Hide
frm1.Show
frm1.txtun.Text = ""
frm1.txtpw.Text = ""
End Sub
මෙහිදී සිදුවන්නේ frm2 එක Hide කර frm1 එක display කිරීමයි. තවද නැවත frm1 වෙත යෑමේදී User name හා password සඳහා ඇතුලත් කල අගයන් මකා දැමීමට විධාන ලබා දී ඇත.
- EXIT command button එක මත Double click කර පහත කේත ඇතුලත් කර ගන්න.
Private Sub cmdexit_Click()
End
End Sub
- මෙහිදී තවත් විශේෂ දෙයක් සිදුකල යුතුයි. එනම් Form load event එකෙහිදී lblun සඳහා සිදුවිය යුතු වෙනස් කම් සඳහා විධාන ලබා දීමයි. මෙ සඳහා frm2 එක Double click කර පහත කේත ඇතුලත් කරන්න.
Private Sub Form_Load()
lblun.Caption = frm1.txtun.Text
End Sub
මෙහිදී සිදුවන්නේ frm1 හිදී Username එක සඳහා ඇතුලත් කරන අගය lblun එකෙහි Caption එක සඳහා සමාන කිරීමයි.
දැන් වැඩසටහන නිර්මාණය කරගෙන අවසන්ය..
Run කර බලන්න.. [F5]
6 comments:
maru
keep it up
ප්‍රතිචාරයට ස්තූතියි! @ අ - c - ත
හොඳයි.. හොඳයි ..හොඳයි.. වැඩේ වටිනාකම අපි වගේ අළුත් අයට තමයි.
ස්තූතියි ප්‍රතිචාරයට @ Anonymous
ඇයි නවත්තලා.. ඉදිරියටත් කරගෙන යන්න
Godak sthuthi gdk wedgth una
Post a Comment
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!!