විෂුවල් බේසික් 5 වන කොටස - Text Box හඳුණා ගනිමු.

Saturday, March 13, 2010

මා මේ විෂය පිළිබඳව සියලුම දේවල් දන්නා අයෙකු නොවන මුත් මා දන්නා සුලු ප්‍රමාණය හෝ නොදන්නා කෙනෙකු වෙනුවෙන් ඉදිරිපත් කිරීම මෙම ලිපි පෙළෙහි අරමුණයි..
 පසුගිය ලිපි වලින් මයික්‍රොසොෆ්ට් විෂුවල් බේසික් වලදී Command Button හා Label භාවිතයෙන් වැඩ කරගන්නෙ කොහොමද කියල විස්තර කලා ඔබට මතක ඇති. Tool Box එකේ තියන Text box කියන Tool එක භාවිතා කරන්නෙ කොහොමද කියල මේ ලිපියෙන් බලමු..

  • Text Box
       මෙය Tool Box එකෙහි දැකිය හැකි Object එකක් වන අතර මෙම Object එක භවිතා කර Form එකක් Run වෙන අවස්ථාවේ දී දත්ත ඇතුලත් කිරීම හා අවශ්‍ය නම් දත්ත ලබා ගැනීමට භවිතා කල හැක.

මෙහි ප්‍රධාන වශයෙන් properties 2ක් දැකිය හැකි වේ.

  1. Name
  2. Text
      Label එකකට සාපේක්ෂව මෙහි ඇති විශේෂත්වය වන්නේ දත්ත ඇතුලත් කිරීම හා දත්ත ලබා ගැනීම යන ක්‍රියාවලි දෙක සඳහාම භාවිතා කල හැකි වීමයි.

 උදාහරණයක් ලෙස Text Box යොදා ගනිමින් ඉතාම සරළ වැඩසටහනක් නිර්මාණය කර බලමු.

    මේ සඳහා Label 2ක්, Command button 2ක් හා text box 1ක් අවශ්‍ය වේ. මෙහිදී සිදුවිය යුත්තේ අප විසින් Text box එකට ඇතුලත් කරනු ලබන දත්තයක් command button එකක් මත click කිරීම මගින් Label එකක් මත දිස්වීමට සැලැස්වීමයි.

 මෙහිදී සිදුවන්නේ Text box එකට ඇතුල් කරන දත්තය, එනම් Text box එකෙහි Text යන property එක Label එකෙහි ඇති caption නම් poperty එකට සමාන කිරීමයි. මේ ක්‍රියාව සිදුකර ගැනීමට අවශ්‍ය විධානය ලබා දීම සඳහා Command button එක භාවිතා කරයි.

මෙය සිදුකර ගන්නා ආකාරය පියවර වශයෙන් බලමු.

මුලින්ම File > New Project > Satandard EXE මගින් Form එකක් ලබාගන්න. ඉන් පසු ඒ මතට Label 2ක්, Command button 2ක් හා Text box 1ක් Add කර පහත දැක්වෙන ආකාරයට සකසා ගන්න.



ඉන් පසු පහත දැක්වෙන ආකාරයට Properties සකස් කර ගන්න.

Label1
Name       =  lblenter
Caption    =  Enter Text:
Label2
Name       =  lblshow
Caption    =  " "
Command1
Name       =  cmdok
Caption    =  OK
Command2
Name       =  cmdexit
Caption    =  EXIT
Text1
Name       =  txtenter
Text         =  " "
එවිට ඔබ සාදාගත් Form එක පහත ආකාරයට දිස්වේවි.


ඉන් පසුව වැඩසටහන සඳහා Code එක ඇතුලත් කර ගැනීම පහත ආකාරයට සිදුකරන්න.
  • cmdok command button එක Double click කර පහත දැක්වෙන code එක ඇතුලත් කරන්න.
Private Sub cmdok_Click()
lblshow.Caption = txtenter.Text
End Sub

  • cmdexit command button එක Double click කර පහත දැක්වෙන code එක ඇතුලත් කරන්න.
Private Sub cmdexit_Click()
End
End Sub




ඉහත ආකාරයට වැඩසටහන නිමා කරගත් පසු Run කර බලන්න. [F5]
Text box එකට ඔබ ඇතුලත් කරන දත්ත Label එක තුලින් දිස්වේවි.
 

6 වන කොටස >>

0 comments:

Post a Comment

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!!