විෂුවල් බේසික් 6 වන කොටස - If , Then , Else භාවිතය.

Tuesday, March 16, 2010

 විෂුවල් බේසික් මගින් වැඩසටහන් නිර්මාණයේදී If Condition එක භාවිතා කරන ආකාරය මේ ලිපියෙන් විස්තර කෙරේ.
  • If Then Else.
වැඩසටහන් නිර්මාණයේදී යම් කිසි Condition එකක් පරීක්ෂා කර එහි සත්‍ය හා අසත්‍ය භාවය අනුව යම් කාර්යයක් සිදුකර ගැනීම සඳහා මෙය භාවිතා කරයි.

උදාහරණයක් ලෙස පහත දැක්වෙන ආකාරයේ වැඩසටහනක් නිර්මාණය කරගන්නා ආකාරය බලමු.

මෙහිදී Subject1 , Subject2 , Total , Average , Grade ලෙස දත්ත ඇතුලත් කර ගැනීමට හා ලබාගැනීමට හැකි ආකාරයේ වැඩසටහනක් නිර්මාණය කර ගනිමු.මෙහි Average එක දැක්වීමේදී ලකුණු වල සාමාන්‍යය 50 ට වැඩි නම් Pass ලෙසද 50 ට අඩු නම් Fail ලෙසද ලබාගන්නා ආකාරයට ද ඇතුලත් කල හැකිය.

පළමුව New  Form එකක් ලබාගෙන එයට Label 5ක් , Command Button 5ක් හා Text box 5ක් Add කරගෙන පහත දැක්වෙන ආකාරයට සකසා ගන්න.


ඉහත ආකාරයට Form එක සකසා ගත් පසු Object වල Properties සකස් කර ගැනීම සිදුකර ගත යුතුය.


  • මුලින්ම Label වල පහත ආකාරයට Properties සකස් කර ගන්න.


Object          Name         Caption      
Label1lblsub1Subject1
Label2lblsub2Subject2
Label3
lbltot
Total
Label4lblavgAverage
Label5lblgrdGrade


  • ඉන්පසු Text box වල පහත ආකාරයට Properties සකස් කර ගන්න.



Object          Name         Text      
Text1txtsub1
Text2txtsub2
Text3
txttot

Text4txtavg
Text5txtgrd

හිස්ව ඇති කොටු සඳහා Text එක හිස්ව තබන්න.


  • Commanad button වල පහත ආකාරයට Properties සකස් කර ගන්න.



Object          Name         Caption      
Command1cmdavgAverage
Command2cmdtotTotal
Command3
cmdgrd
Grade
Command4cmdclrClear All
Command5cmdexitExit

ඉහත ආකාරයට properties සකස් කරගත් පසු Form එක පහත ආකාරයට දිස්වේ.



ඉන් පසු ඉතිරිව ඇත්තේ වැඩසටහන සඳහා අවශ්‍ය කේතයන් ඇතුලත් කර ගැනීමයි.
මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

  • Total command button එක Double click කර පහත කේත ඇතුලත් කරන්න.

Private Sub cmdtot_Click()
txttot.Text = Val(txtsub1.Text) + Val(txtsub2.Text)
End Sub

මෙහිදී Val(txtsub1.Text) හා Val(txtsub2.Text) යන්නෙන් අදහස් වන්නේ අදාල Text box එකට ඇතුලත් කරන දත්තයෙහි සංඛ්‍යාත්මක වටිනාකම පමණක් සලකන බවයි.

" + " ලකුණ මගින් එම අගයන් දෙකෙහි එකතුව ලබාගෙන ඇත. 

එකතුව සඳහා ලැබෙන අගය "txttot" Text box එකෙහි Text එකට සමාන කර ඇති නිසා වැඩසටහන Run වෙන අවස්ථාවේ දී "txttot" Text box තුල එකතුව දැක්වෙයි.


  • Average command button එක Double click කර පහත කේත ඇතුලත් කරන්න.

Private Sub cmdavg_Click()
txtavg.Text = Val(txttot.Text) / 2
End Sub

මෙහිදී සිදුවන්නේ එකතුව සඳහා ලැබෙන අගය නැවතත් සාමාන්‍යය ලබාගැනීම සඳහා විෂයන් ගණනින් බෙදීමයි. එය "txtavg" Text box එකෙහි Text එකට සමාන කර ඇත.

  • Grade command button එක Double click කර පහත කේත ඇතුලත් කරන්න.

Private Sub cmdgrd_Click()
If txtavg >= 50 Then
txtgrd.Text = " Pass "
Else
txtgrd.Text = "Fail"
End If
End Sub

මෙහිදී යම් තීරණය කරන ලද අගයකට සාපේක්ෂව Pass හෝ Fail යන වග තීරණය කරන නිසා තර්කානුකූලව පිලිතුර ලබා ගැනීමට If condition එක භාවිතා කර ඇත.

"txtavg" Text box එකෙහි සඳහන් අගය 50ට වඩා විශාල හෝ සමාන නම් "txtgrd" Text box එකෙහි  "Pass" ලෙසත් එසේ නොමැති නම් "txtgrd" Text box එකෙහි "Fail" ලෙසත් සඳහන් කරන ලෙස විධානය ලබාදී තිබේ.

  • Clear All command button එක Double click කර පහත කේත ඇතුලත් කරන්න.

Private Sub cmdclr_Click()
txtsub1.Text = ""
txtsub2.Text = ""
txttot.Text = ""
txtavg.Text = ""
txtgrd.Text = ""
End Sub


මෙහිදී සිදුවන්නේ සියලුම Text box වල සටහන් වූ අගයන් මකා දැමීමයි. එනම් සියලුම Text box වල Text යන Property එක හිස් කිරීමයි.

  • Exit command button එක Double click කර පහත කේත ඇතුලත් කරන්න.

Private Sub cmdexit_Click()
End
End Sub


දැන් වැඩසටහන සකස් කර අවසානය.

Run කර බලන්න. [F5]

7 කොටස >>

<< කලින් ලිපියට


5 comments:

Kasun Nadeeshana said...

නියමයි දිගටම ලියන්න

ගිහාන් said...

බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට..@ Kasun

sithija said...

අයියා මම විෂුවල් බේසික් ඉගෙන ගන්න පටන් ගත්ත කාලෙම මේ IF , Then , Else Condition ඔක්කොම අල්ලගත්තා ඊට පස්සේ Variable තමා සීන් එකකට තිබුණේ ඒත් දැන් නම් VB Variable ගැන හොඳ දැනුමක් තියේ‍. කොහොම හරි මේ ලිපිය ගොඩක් වැදගත් අපේ කස්ටියට :)

ගිහාන් said...

variable ගැනත් මම ඉදිරියට කතා කරනවා.. බොහොම ස්තූතියි comment එකට @sithija

Unknown said...

aiye mul thunama ekama button eken wenna hadannath puluwan neda?

Post a Comment

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!!