Call ගන්නවාට අපිට මුදල් ගෙවීම.

Wednesday, March 17, 2010

   පසුගිය දවසක මම ලබපු පුංචි අත්දැකීමක් එක්කයි මට මේ ලිපිය ලියන්න හිතුනෙ. මම හිතන්නෙ මේ ලිපිය කියවන ගොඩක් දෙනෙක් දැනටමත් මෙ ගැන දන්නවත් ඇති. මෙන්න මෙහෙමයි කතාව,

   දැනට සති දෙකකට විතර කලින් මම ගියා එකට පොඩි වැඩ වගයක් කරගන්න. ගිහින් ආපහු ගෙදර එන්න බස් එකට නගින්න එනකොට යාලුවෙක් හිටිය බස් එකේ. මාව දැක්කම මිනිහත් බස් එකෙන් බැහැල ආව මම හිටපු තැනට. ඇවිත් කිව්වෙ මාර කතාවක්. 

  "මචං අහවල් තැන අහවල් SIM 4ක් ම රුපියල් 50ට දෙනව රුපියල් 900ක Reload එකකුත් එක්ක. මොකද කියන්නෙ ගමුද?" කියල ඇහුව.. 
   මටත් පුදුමයි ඇයි ඉතින් රුපියල් 50කට රුපියල් 900ක Call ගන්න දෙන්නෙ කොහෙද කියල. බස් එක පිටත් වෙන්නත් තව වෙලා තිබුන හින්ද මමත් "ගිහින් බලමුකො.." කියල ගියා බලන්න. ගිහින් බලනකොට වැඩේ ඇත්ත තමයි. කොහොම හරි SIM 4කුත් ගත්ත. ඒත් තාම හරියට වැඩක් ගත්තෙ නෑ.

    දැනට අවුරුදු පහකට හයකට කට විතර කලින් අපි ජංගම දුරකතනයකින් ඇමතුමක් ගත්තෙ රුපියල් දහයක් පහළවක් විතර වියදම් කරල. ඒත් දැන්? අලුතින් දුරකතන සේවා සපයන ආයතනයක් ලංකාවෙ තමන්ගෙ සේවාව ආරම්භ කරනව නම් එම ආයතන වලට තමන්ගෙ ගාස්තු ඉදිරිපත් කරන්න වෙන්නෙ ශත ගණන් වලින්. ඒ තරමටම තරඟය වැඩි වෙලා. පාරිභෝගිකයන්ට නම් මෙය ඉතාම වාසි දායක තත්වයක්..

 නමුත් ගැටලුව වන්නේ හැම ආයතනයක්ම පාරිභෝගිකයාට උසස් සේවාවක් ලබාදිම පසෙක තබා ප්‍රසිද්ධියත් පාරිභෝගිකයන් ගණන වැඩි කර ගැනීමේ අරමුණත් පසුපස පමණක් හඹා යාමයි. හොඳ ගානක Reload එකක්ද දමා  SIM එකත් නොමිලේ ලබාදී Call ගන්න යැයි කීවත් හදිස්සියකට Call එකක් ගැනීමට වත් SMS එකක් යැවීමට වත් නොහැකි නම් එම SIM එකෙන් පාරිභෝගිකයාට ඇති ඵලය කුමක්ද??

3 comments:

Anonymous said...

එයා ටෙල් ද?
/ඇනනිමස්

ගිහාන් said...

ඔක්කොම එකයි..

Anonymous said...

ඔව් ඒක නම් ඇත්ත. තාමත් සමහර පැති වලට මොබිටෙල් සිග්නල් නෑ 20/100 කට වඩා.ගණන් අඩු උනත් වැඩක් නෑ Calls ගන්න බැරිව. උපහාර කියලා එකක් දීලා අපිව කනවා.

Post a Comment

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!!