- If Then Else.
උදාහරණයක් ලෙස පහත දැක්වෙන ආකාරයේ වැඩසටහනක් නිර්මාණය කරගන්නා ආකාරය බලමු.
මෙහිදී Subject1 , Subject2 , Total , Average , Grade ලෙස දත්ත ඇතුලත් කර ගැනීමට හා ලබාගැනීමට හැකි ආකාරයේ වැඩසටහනක් නිර්මාණය කර ගනිමු.මෙහි Average එක දැක්වීමේදී ලකුණු වල සාමාන්‍යය 50 ට වැඩි නම් Pass ලෙසද 50 ට අඩු නම් Fail ලෙසද ලබාගන්නා ආකාරයට ද ඇතුලත් කල හැකිය.
පළමුව New Form එකක් ලබාගෙන එයට Label 5ක් , Command Button 5ක් හා Text box 5ක් Add කරගෙන පහත දැක්වෙන ආකාරයට සකසා ගන්න.
ඉහත ආකාරයට Form එක සකසා ගත් පසු Object වල Properties සකස් කර ගැනීම සිදුකර ගත යුතුය.
මුලින්ම Label වල පහත ආකාරයට Properties සකස් කර ගන්න.
Object | Name | Caption |
Label1 | lblsub1 | Subject1 |
Label2 | lblsub2 | Subject2 |
Label3 | lbltot | Total |
Label4 | lblavg | Average |
Label5 | lblgrd | Grade |
ඉන්පසු Text box වල පහත ආකාරයට Properties සකස් කර ගන්න.
Object | Name | Text |
Text1 | txtsub1 | |
Text2 | txtsub2 | |
Text3 | txttot | |
Text4 | txtavg | |
Text5 | txtgrd |
හිස්ව ඇති කොටු සඳහා Text එක හිස්ව තබන්න.
- Commanad button වල පහත ආකාරයට Properties සකස් කර ගන්න.
Object | Name | Caption |
Command1 | cmdavg | Average |
Command2 | cmdtot | Total |
Command3 | cmdgrd | Grade |
Command4 | cmdclr | Clear All |
Command5 | cmdexit | Exit |
ඉහත ආකාරයට properties සකස් කරගත් පසු Form එක පහත ආකාරයට දිස්වේ.
ඉන් පසු ඉතිරිව ඇත්තේ වැඩසටහන සඳහා අවශ්‍ය කේතයන් ඇතුලත් කර ගැනීමයි.
මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
- Total command button එක Double click කර පහත කේත ඇතුලත් කරන්න.
Private Sub cmdtot_Click()
txttot.Text = Val(txtsub1.Text) + Val(txtsub2.Text)
End Sub
මෙහිදී Val(txtsub1.Text) හා Val(txtsub2.Text) යන්නෙන් අදහස් වන්නේ අදාල Text box එකට ඇතුලත් කරන දත්තයෙහි සංඛ්‍යාත්මක වටිනාකම පමණක් සලකන බවයි.
" + " ලකුණ මගින් එම අගයන් දෙකෙහි එකතුව ලබාගෙන ඇත.
එකතුව සඳහා ලැබෙන අගය "txttot" Text box එකෙහි Text එකට සමාන කර ඇති නිසා වැඩසටහන Run වෙන අවස්ථාවේ දී "txttot" Text box තුල එකතුව දැක්වෙයි.
- Average command button එක Double click කර පහත කේත ඇතුලත් කරන්න.
Private Sub cmdavg_Click()
txtavg.Text = Val(txttot.Text) / 2
End Sub
මෙහිදී සිදුවන්නේ එකතුව සඳහා ලැබෙන අගය නැවතත් සාමාන්‍යය ලබාගැනීම සඳහා විෂයන් ගණනින් බෙදීමයි. එය "txtavg" Text box එකෙහි Text එකට සමාන කර ඇත.
- Grade command button එක Double click කර පහත කේත ඇතුලත් කරන්න.
Private Sub cmdgrd_Click()
If txtavg >= 50 Then
txtgrd.Text = " Pass "
Else
txtgrd.Text = "Fail"
End If
End Sub
මෙහිදී යම් තීරණය කරන ලද අගයකට සාපේක්ෂව Pass හෝ Fail යන වග තීරණය කරන නිසා තර්කානුකූලව පිලිතුර ලබා ගැනීමට If condition එක භාවිතා කර ඇත.
"txtavg" Text box එකෙහි සඳහන් අගය 50ට වඩා විශාල හෝ සමාන නම් "txtgrd" Text box එකෙහි "Pass" ලෙසත් එසේ නොමැති නම් "txtgrd" Text box එකෙහි "Fail" ලෙසත් සඳහන් කරන ලෙස විධානය ලබාදී තිබේ.
- Clear All command button එක Double click කර පහත කේත ඇතුලත් කරන්න.
Private Sub cmdclr_Click()
txtsub1.Text = ""
txtsub2.Text = ""
txttot.Text = ""
txtavg.Text = ""
txtgrd.Text = ""
End Sub
මෙහිදී සිදුවන්නේ සියලුම Text box වල සටහන් වූ අගයන් මකා දැමීමයි. එනම් සියලුම Text box වල Text යන Property එක හිස් කිරීමයි.
- Exit command button එක Double click කර පහත කේත ඇතුලත් කරන්න.
Private Sub cmdexit_Click()
End
End Sub
දැන් වැඩසටහන සකස් කර අවසානය.
Run කර බලන්න. [F5]
5 comments:
නියමයි දිගටම ලියන්න
බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට..@ Kasun
අයියා මම විෂුවල් බේසික් ඉගෙන ගන්න පටන් ගත්ත කාලෙම මේ IF , Then , Else Condition ඔක්කොම අල්ලගත්තා ඊට පස්සේ Variable තමා සීන් එකකට තිබුණේ ඒත් දැන් නම් VB Variable ගැන හොඳ දැනුමක් තියේ. කොහොම හරි මේ ලිපිය ගොඩක් වැදගත් අපේ කස්ටියට :)
variable ගැනත් මම ඉදිරියට කතා කරනවා.. බොහොම ස්තූතියි comment එකට @sithija
aiye mul thunama ekama button eken wenna hadannath puluwan neda?
Post a Comment
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!!