පිස්සා සහ පොල් ගස

Wednesday, May 26, 2010





පිස්සන් කොටුවේ තාප්පයෙන් පැනගත් පිස්සෙක් අසල තිබූ පොල් ගසකට නැගී උපවාසයක් කරන්නට විය. ටික වේලාවකින් මේ සිද්ධිය ආරංචි වුනු පිස්සන් කොටුවේ ලොකු දොස්තර මහතාද මෙතැනට පැමිණියේය..

පොල් ගසේ කරටියටම නැග සිටින පිස්සා දුටු දොස්තර මහතාටද පිස්සු හැදුනේය. දැන් දොස්තර මහතා දන්නා දේවල් කියමින් ගසින් බසින ලෙස පිස්සාට ආයාචනා කරයි. ඒත් පිස්සා නෙමෙයි ගසෙන් පහලට අඩියක්වත් තියන්නේ..

ටික වේලාවකින් දොස්තර මහතාටද මල පැන්නේය. ගෝලයෙකුට කියා පොරවක් ගෙන්වා ගත් දොස්තර මහතා තමුසේ බැස්සේ නැත්නම් ගස කපනවා කියමින් ගසට පහරක් ගැසුවේය. දෙකක් ගැසුවේය. පිස්සා සත පහකට වත් ගණන් ගත්තේ නැත. දොස්තර මහතාට මලම පැන්නේය. ලඟ සිටි පිස්සෙකුට අඬ ගැසූ දොස්තර මහතා මේ ගහ කපලා දාපන් කියා පොරොව අතට දුන්නා පමණි ගහ උඩ සිටි පිස්සා අඩියට දෙකට ගහෙන් බැස්සේය. මෙය දුටු දොස්තර මහතාට පුදුම සිතී මෙසේ ඇසුවේය.

මම මෙච්චර කියලත් ගහෙන් බැස්සේ නෑ. ඇයි අරූ පොරොව අතට ගත්ත ගමන් ගහෙන් බැස්සේ?

පිස්සා: මං දන්නවනේ සර් කොච්චර කිව්වත් මම ගහ උඩ ඉන්දැද්දී ගහ කපන්නේ නෑ කියලා.. ඒත් සර් අරූ එහෙමද ඌ පිස්සෙක්නේ..!

4 comments:

Gayan Tharaka said...

අනිත් පිස්ස පොරව නෙවෙයි බ්ලේඩ් එකක් අරන් ඇවිත් ගහට තියල තියෙන්නේ.
වරද්දන්නැතිව කියන්න එපැයි

Kanishka said...

හික්... :D කලින් අහල තියේ.. ඒත් ඉතිං කොච්චර කියෙව්වත් ඇති වෙන්නෙ නෑ

Hasitha Gunasinghe said...

කතාව අහලා පිස්සු හැදෙනවා ලොක්කා

Amali said...

comedy..................funny

Post a Comment

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි!!